(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභහානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද (21) දිනයේ සිදු කිරිමට නියමිතය.
පාර්ලිමේන්තුවේ පසුගිය දින කිහිපයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් දේපල හානි සිදුව ඇති අතර පාර්ලිමේන්තුවේ මයික්රෆෝන පද්ධතියට දැඩි අලාභහානි සිදුව ඇති බව සදහන් වේ.
මීට අමතරව සභාගර්භයේ පුටු කිහිපයකට ද හානි සිදුව ඇත.
ඒ අනුව හානි වූ දේපල කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගෙන තිබේ.