මොරගහකන්ද ජලාශය පිරීයාමේ අවසන් අදියරට ලඟාවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම පළාතට ඇදහැළෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ රැදවිය හැකි අවසන් ජල මට්ටමට මීටර් දෙකක් ආසන්නයෙන් ජලය පවතින බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය පවසයි.

මොරගහකන්ද ජලාශයේ රැදවිය හැකි උපරිම ජල ධාරීතාව ජලය ඝන මීටර් 185 කි.

ඊයේ (20) පස්වරුව වන විට ජලාශයේ ජල මට්ටම ඝන මීටර් 183 ට ආසන්නව පවතින බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පැවසීය.

මෙම තත්ත්වය හමුවේ තවත් ඝන මීටර් දෙකක් පමණක් බවත් වර්ෂාව ලැබීමේ මුලික අවධියේ දීම ජලාශය පිරීම සුවිශේෂි තත්ත්වයක් බව ද හෙතෙම කියා සිටියේය.

මොරගහකන්ද ජලාශයෙන් පහළ ප්‍රදේශවලට ජලය සපයන ගමන් විදුලි බලය නිපදවීම ද සිදු කෙරේ. ජලාශයෙන් වාර්ෂික විදුලි නිෂ්පාදන ධාරිතාව මෙගා වොටි 25 ක් වන අතර ඉන් ලැබෙන වාර්ෂික ආදායම රුපියල් මිලියන 1545 කි.

ජලාශයට සමගාමීව උතුරු මහ ඇල ව්‍යාපෘතිය හා කන්තලේ ප්‍රදේශයට ජලය සැපයෙන ව්‍යාපෘතිය ද මේ වන විට ක්‍රියාත්මකය.

මීට අමතරව කළු ගඟ පහළ නිම්නය තුළ ජලාශය හේතුවෙන් අවතැන් වු පවුල් 3000 ක් පදිංචිකර ඇති බවත් ඔවුන්ගේ වගාකටුයතු සදහා සිදුවන ඇල පද්ධති සංවර්ධනයෙන් පසු ඔවුන් සදහා ද ජලය සැපයෙන බව මහජන සම්බන්ධතා නිලධාරීවරයා කියා සිටියේය.

මීට අමතරව ගිරිතලේ, මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ හා පරාක්‍රම සමුද්‍රය පසුගිය අගෝස්තු මාසයේ දී වාන් මට්ටමට පැමීනිමත් සමග එම ප්‍රදේශවලට අවශ්‍ය ජලය මේ වන විට නිකුත් කර ඇති බව දයානන්ද මහතා කියා සිටියේය.

එම ජලය නිකුත් කිරීමේ ප්‍රතිඑලයක් ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ සියල්ලම පිරවීමට හැකිවීම තවත් සුව්ශේෂි ජයග්‍රහනයක් බව ද දයානන්ද මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *