අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින තීන්දුයි

(කොළඹ, ලංකාපුවත්) – අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නිත්‍යානුකූල බලයක් නොමැති බව බව නිගමනය කරන්නැයි රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122 ක් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන 30 සහ 03 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (26) තීරණය කරනු ලැබීය.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය ඇතුළු 49 දෙනෙකු පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද(26) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *