පාර්ලිමේන්තුවට අත්ව ඇති ඉරණම ඇමති අමරවීර කියයි

(කොළඹ, ලංකාපුවත්) –කථානායකවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් දැන් පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය බවට පත් කරගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“පසුගිය සතියේ සිකුරාදා පාර්ලිමේන්තුව රැස් වුණා. අවසානයේ දී අපි රජය විදිහට පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කළේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා. පාර්ලිමේන්තුව කල් තබනවා කියලා නිවේදනය කළාට පස්සේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය, ජාතික විමුක්ති පෙරමුණ එක්තුවෙලා විවාද කරන්න පටන් ගත්තා. ඒක හරියට පාළුගෙයි වළං බිදිනවා වගේ වැඩක්” යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මම අදහස් පළ කළේ “ අපි වවලයි – අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇත්බටුව, ලුණුගම්වෙහෙර, පඩව්ගම, බෙරලිහෙල වැනි ප්‍රදේශ ගණනාවක පැවති පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහන් වලට සහභාගී වෙමිනි.

“සරුපිරි ගෙවත්තක්” ව්‍යාපෘතිය යටතේ ගොවීන් හට ගෙවතු සකස් කර ගැනීම සඳහා නොමිලේ පලතුරු පැළ බෙදා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ යටතේ මෙම පැළ බෙදා දීම සිදු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *