එංගලන්තයට වාර්තාගත ටෙස්ට් තරගාවලි ජයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදි ලකුණු 42 ක ජයක් වාර්තා කරමීන් ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3ට 0ක් ලෙස ජයගැනිම සංචාරක එංගලන්ත කණ්ඩායම අද(26) සමත් විය.

ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණි.

මෙම ටෙස්ට් තරගාවලි ජයත් සමගින් එංගලන්තය ශ්‍රී ලංකාවේදී පූර්ණ තරගාවලිය ජයක් වාර්තා කළ අතර එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී වයිට් වොෂ් කළ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තා අතරට එක්වෙයි.

එංගලන්තය පළමු ඉනිම 336/10
ශ්‍රි ලංකාව පළමු ඉනිම 240/10
එංගලන්තය දෙවැනි ඉනිම 230/10
ශ්‍රි ලංකාව දෙවැනි ඉනිම 284/10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *