(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට 07 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කර ඇත.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය ඇතුළු පෙත්සම්කරුවන් 12 ක් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් ගොනුකළ අතර අගවිනිසුරු ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව දෙසැම්බර් 07 වෙනිදා දක්වා අත්හිටුවමින් තීන්දුවක් ලබා දුන්නේය.
ඉන් පසුව අතරමැදි පෙත්සම්කරුවන් වශයෙන් මෙම නඩුවට පෙත්සම් ගොනුකර සිටින මහචාර්ය ජි.එල්. පිරිස් ඇතුළු පෙත්සම්කරුවන් පස් දෙනෙක් විසින් මෙම පෙත්සම් විභාගය පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලමින් ඉකුත්දා ඉල්ලීමක් සිදුකරනු ලැබීය.
ඒ අනුව අගවිනිසුරු නලීන් පෙරේරා විසින් මෙම සත් පුද්ගල විනිසුරු මඩුල්ල පත්කර තිබේ.
පෙත්සම් විභාගය සඳහා නම් කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ල වන්නේ : අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, සිසිර ද ආබෘ සහ මෘදු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ය.