නේටෝ සංවිධානය රුසියාවෙන් ඉල්ලීමක් සිදුකරයි

(කොළඹ, ලංකාපුවත්) – නේටෝ සංවිධානය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ යුක්රේනයේ නෞකා සහ එහි කාර්ය මණ්ඩලය නිදහස් කරන ලෙසට දැනුම් දෙමින් ය.

නේටෝ සංවිධානයේ ප්‍රධානී ජෙන්ස් ස්ටොල්බර්ග් විසින් මෙම ඉල්ලීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වනවිටත් අර්බුදකාරි වාතාවරණයක් හටගෙන තිබෙන අතර ඒවා සමථයකට පත්කිරිම සඳහා රුසියාව මූලිකත්වය ගත යුතු බව නේටෝ සංවිධානය පෙන්වා දී ඇත. යුක්රේනයට එරෙහිව හමුදා බලය යෙදවීම පිළිගත නොහැකි බවද සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *