පාර්ලිමේන්තු රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත ය. එහිදී අද රැස්වන පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇත.

කෙසේ නමුක් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයකයින් බොහෝ විට අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගි නොවනු ඇති බවයි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ සාකච්ඡාවක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැත්වීමට නියමිතව ඇත. බොහෝ විට එම සාකච්ඡාවේදී අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හා පාර්ලිමේන්තු සැසියට ආණ්ඩු පක්ෂ මන්ති‍්‍රවරු එක්වනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *