චීනයේ රසායනික ද්‍රව්‍ය කම්හලක විශාල පිපිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක දැවැන්ත පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබේ.

ඊසාන දිග චීනයේ ෂැන්ජියාකෝ නගරයේ පිහිටි රසායනික කම්හලක මෙම පිපිරීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එයින් පුද්ගලයින් 22නෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විසිදෙදෙනෙකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

පිපිරීම හේතුවෙන් කම්හලේ තිබූ වාහන මෙන්ම ඉන් පිටත නවතා තිබූ වාහන පනහකට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබේ. පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය පසුවීමත් සමඟ මෙම පිපිරීම සිදුව ඇති බව සදහන් වේ.

මීට පෙර 2015 වසරේදී බීජි සිට සැතපුම් එකක් පමණ දුරින් පිහිටි ටිආන්ජින් ප්‍රදේශයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ පිපිරීමකින් පුද්ලයන් 173නෙකු ජීවිතක්‍ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *