මෙරට ප්‍රදීපාගරයන් සහිත විශේෂ මුද්දර 04ක් එළිදකී

(කොළඹ, ලංකාපුවත්) – සයුරු තෙර තරණය කරන සුවහස් යාත්‍රිකයන්ට මඟ කියන සිරිලක සිව්කොන පිහිටි ප්‍රදීපාගාරයන් නිරූපනය කරමින් විශේෂ මුද්දර 04 ක් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කෙරේ.

කොළඹ ප්‍රදීපාගාරය අසලදී එම කටයුත්ත සිදු විය.

එහිදී රු.45.00 වටිනාකමකින් යුත් මුද්දර 04 ක් සහ සිහිවටන පත්රි කා 04 ක් සහ විශේෂ පොතක්ද නිකුත් කිරීම සිදුකෙරුණි.

මුද්දර නිකුත් කිරීම සිදුකෙරුණේ තැපැල් හා විදුලි සංදේශ ගරු අමාත්‍ය සී.බී.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම මුද්දර පෙළ තායිලන්තයේ බැංකොක් නුවර හෙට සිට ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ මුද්දර නිකුත් කිරීමක් ද වේ.

එසේම ද්‍රෝන කැමරා තාක්ෂණයෙන් ඡායාරූපගත කරන ලද මෙරට පළමු මුද්දර පෙළ ලෙසද මෙය මුද්දර ඉතිහාසයට එක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − nine =