වැසි තත්ත්වයේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද(28) දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ යැයි අපේක්‍ෂා කෙරේ.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර, පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.

එසේම හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවිය හැකිය.කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50දක්වා වැඩිවිය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *