අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 05වනදා දක්වා රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුවක වරෙන්තු කරුවෙකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රැකවරණය දුන් බවට විජේගුණරත්න මහතාට චෝදනා එල්ලවී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඊයේ(28) ඉදිරිපත් වූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදුන්නේය.

ඒ මහතාට ඇප දීමක් සිදුවුවහොත් විමර්ශනවලට බාධා ඇතිවන බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි.

සැකකරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බවට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළ ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥ මඩුල්ල අධිකරණය හමුවේ කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *