මොරගහකන්ද වාන් දොරටු ජනපති අතින් හෙට විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට(30) සිදු කිරීමට නියමිත ය.

ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් 98.4ක් මේ වන විට පිරී අවසන්ය.

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමය වන්නේ මොරගහකන්ද ව්‍යාපෘතියයි.

ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි. ඉන් කුඹුරු අක්කර 82,000ක් අස්වැද්දීමට නියමිතය. අක්කර අඩි හාර ලක්ෂ හතළිස්දහස් හයසිය තිස් තුනක ජල ධාරිතාවක් මේ වන විට ජලාශයේ රඳවාගෙන ඇති අතර, එය පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයකට අධික බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහන් කළේය.

ජලාශයේ උපරිම ජල මට්ටම වන අඩි 185ක් සම්පූර්ණ වීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ, අඩියක් පමණි. මෙම තත්වය අද (29)සවස් කාලය වන විට සම්පූර්ණ වනු ඇතැයි විශ්වාස කෙරේ.

ජලාශයෙන් මේ වන විට විදුලිය නිෂ්පාදනය කෙරෙන අතර ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන විදුලිය ප්‍රමාණය කිලෝ වොට් 25ක් බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *