ජෝජියානුවන් වීථි බසී

(කොළඹ, ලංකාපුවත්) – ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව එරට ජනතාව වීථි බැස උද්ඝෝෂණ වල නිරත වෙති.

උද්ඝෝෂණ ඊයේ දිනය පුරා එරට අගනුවර දී පැවැත්විණ.

මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව විපක්ෂ ක්‍රියාකාරීන් අධිකරණයට යායුතු බව ප්‍රකාහ කිරීමත් සමග මෙම විරෝධතා ඇති වී තිබේ. විපක්ෂ අපේක්ෂක ග්‍රීගෝල් වෂාඩ්සේ වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කර ඇත.

ජෝර්ජියානු ජනාධිපතිවරණයෙන් පාලක පක්ෂය නියෝජනය කළ සලෝම් සුරාබිෂ්විලී ජයග්‍රහණය කළ බව, එරට මැතිවරණ කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය. ඇය, ජනාධිපති වූයේ නම්, එරට ප්‍රථම කාන්තා ජනාධිපතිනිය බවට සලෝමි සුරාබිෂ්විලී පත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *