සිසු ඝාතන සැකකරුවන් දෙදෙනෙකු පෙරෙට්ටුවේදී හදුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – මාතර දී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ දෙවන සහ තුන්වන සැකකරුවන් සාක්ෂිකරුවන් තුන් දෙනෙකු විසින් අද(03) හදුනාගැනුනි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හදුනාගැනීමේ පෙරටුට්වේදී ය.

මාතර උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකුට තියුණූ ආයුධයකින් පහරදී ඝාතනය ‍කෙරුණේ පසුගිය 24 වනදා ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එහි දෙවන සහ තුන්වන සැකකරුවන් සදහා හදුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වුණි.

එහිදී සාක්ෂිකරුවන් තුන් දෙනෙකු විසින් ඔවුන් හදුනාගෙන ඇත.

ජයවීර මුහන්දිරම්ගේ තුනුදු විමුක්ති දෙවනි සැකකරු ය. තුන් වන සැකකරු වන්නේ උශාන් දිසානායක යන අයයි.

මෙම සිද්ධියට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්වෙන බැවින් එහි ප්‍රධාන සැකකරු වන ජාතුංග කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නමැති දාහත් හැවිරිදි අයද අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *