ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය නොවැම්බර් මස 09වනදා පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම මේවන විට ආරම්භ වී තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ , ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනේත

ඒ අනුව අද(04) දිනයේ සිට දින තුනක් අඛණ්ඩව අදාළ පෙත්සම් විභාග කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය යන දේශපාලනික පක්ෂ ඇතුළු පෙත්සම්කරුවන් දහතුන් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *