(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (04) දින ආරම්භක පැයේදීම අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ දී ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේ දී එම නිවේදනය ප්‍රකාශයට පත් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව එම නිවේදනයේ සඳහන් වෙයි.
රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම් මහ මැතිවරණයක් හරහා ජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙළ සඳහා කැපවීමෙන් කටයුතු කරන්නැයි රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. මවුබිමට ඇති ආදරය ද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය ද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නැයි ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි.