පාර්ලිමේන්තුව 12 වනදාට කල් තබයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු සභා වාරය ලබන 12 වනදා පස්වරු 01.00 ට කල් තබන බව කථානායකවරයා සදහන් කළේය.

අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර ඊට පෙර කථානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට ආරම්භ වූ පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබුණ ද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් එම රැස්වීම සඳහා සහභාගී වී තිබුනේ නොමැත.

එමෙන්ම සන්ධාන මන්ත්‍රීවරුන් අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කිරීමට පියවර ගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *