පොලිසියට අල්ලස් දීමට ගොස් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් 20,000ක මුදලක් පොලිසියට අල්ලස් වශයෙන් ලබා දීමට තැත්කල අයෙකු තිහගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනේ.

ඊයේ(04) දහවල් තිහගොඩ, තඹගල හංදියේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සදහා භාවිත කරනු ලබන යන්ත්‍ර සූත්‍ර වලින් ඩීසල් ඉන්දන ලබාගෙන බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ඩීසල් ලීටර් 400ක් අඩංගු කෑන් 20ක්, ඉන්දන පිරවීමට උපයෝගී කරගන්නා මෝටරයක්, හිස් කෑන් 40ක් ටිපර් රථයකින් ප්‍රවාහනය කරන බවට තිහගොඩ පොලීසියට ලද තෙරුතුරක් මත අදාළ සැකකරු ටිපර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ඔහුව පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටියදී ඉන්දන අඩංගු ටිපර් රථය මුදු හරින ලෙසට ඉල්ලා රුපියල් 20,000ක මුදලක් පොලිස් නිලධාරීන්ට අල්ලස් වශයෙන් ලබා දීමට එම ටිපර් රථය භාරව සිටි අයෙකු සූදානම් වී ඇත.

මේ පිළිබඳව නිලධාරීන් විසින් තිහගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර පොලිස් ස්ථානය ඉදිරිපිට දී රාජකාරී නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන් පසු අල්ලස් ලබා දීමේ වරදට එම සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 හා 54 වයස්වල පසුවන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුන්ව අද(50) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *