බන්ධනාගාර නේවාසික බාලදක්ෂයින්ගේ දෙවැනි කඳවුර පල්ලේකැලේ දී

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ අත්අඩංගුවේ රදවා සිටින රැඳවූවන් ආරක්ෂා කිරීම පෝෂණය කිරීම හා ඔවුන් පුනරුත්ථාපනයකර රටට වැඩදායී පුද්ගලයින් ලෙස සමාජගත කිරීමයි.

ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද අපරාධකරුවන් පුනරුත්ථාපනයකර යහපත් පුද්ගලන් ලෙස සමාජගත කිරීම වර්තමානයේ ප්‍රමුඛ කාර්යය භාරය වී ඇත. මේ සඳහා විවිධ ක්‍රමවේදයන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර ඒ අතුරින් විශේෂ ක්‍රමවේදයක් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දිය හැකිය.

1922 වසරේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බාලදක්ෂ කටයුතු ආරම්භයත් සමඟ මේ දක්වා මානවක බාලදක්ෂ කටයුතු සිදුකරගෙන යනු ලබයි. මේ අනුව බන්ධනාගාර නිලධාරින් මානවක බාලදක්ෂ ආචාර්යවරුන් ලෙසත්, රැඳවියන් මානවක බාලදක්ෂයින් ලෙසත් කටයුතු කරමින් එම රැඳවියන් යහපත් ලෙස සමාජගත කිරීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

2014 පෙබරවාරි මස 07 වෙනි දින සිට 09 දින දක්වා නුවරඑළිය පීඩෘ ජාත්‍යන්තර බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේ දී රැඳවියන් 500කගේ සහභාගීත්වයෙන් පළමුවෙන්ම මානවක බාලදක්ෂ ජම්බෝරියක් පැවැත් වූ අතර එය ලෝක ඉතිහාසයේ බන්ධනාගාර රැඳවියන් සහභාගී වූ ප්‍රථම බාලදක්ෂ ජම්බෝරිය ලෙසද ඉතිහාසගත වී ඇත.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ පූර්ණ අධික්ෂණය හා උපදෙස් මත බන්ධනාගාර මූලස්ථාන පුනරුත්ථාපන අංශය මගින් සංවිධානය කරනු ලබන දෙවන නේවාසික මානවක බාලදක්ෂ ජම්බෝරිය පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් මස 07 වැනි දින සිට 09 දින දක්වා පැවැත්වීමට මේවන විට කටයුතු යොදා ඇත. මේ සඳහා බන්ධනාගාර රැඳවියන් 500කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

මේ තුලින්, රැඳවියන් නැවත සමාජගත කිරීමේ දී යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්තකර සියලුම බන්ධනාගාර නිලධාරීන් මානවක බාලදක්ෂ ආචාර්යවරුන් ලෙසත් සියලුම රැඳවියන් මානවක බාලදක්ෂයින් බවට පත්කිරීම දෙපාර්තමේන්තුවේ අරමුණවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *