ලෝකයේ අවධානය දිනාගත් ප්‍රියංකාගේ මංගල වේලය

(කොළඹ, ලංකාපුවත්) –බොලිවුඩ් සුපිරි නිළියක් වන ප්‍රියංකා චොප්රාගේ මංගල ඡායාරූප හා දර්ශන මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ කතා බහට ලක්ව ඇත.

එහිදී කාගේත් අවධානයට ලක්වූ කරුණ වූයේ අඩි 75ක් දිගැති ප්‍රියංකාගේ මංගල වේලයයි.

ප්‍රියංකාගේ හා නික්ගේ විවාහය ඉන්දියානු හා ක්‍රිස්තියානු චාරිත්‍රවලට අනූව පසුගිය සති අන්තරයේ සිදුවිය. බටහිර විවාහ මංගල්‍යය වෙනුවෙන් මනාල යුවළගේ ඇඳුම් නිර්මාණය කර තිබුණේ රැල්ෆ් ලෝරන් විසින් බව වාර්තා වේ.

එහිදී මිලියන දෙකකට අධික මුතු මැණික් ආලේපනයක් මෙම ඇඳුම නිර්මාණය සදහා යොදා ගෙන තිබුණු බව ද සදහන් වේ. නමුත්, මංගලෝත්සවයේ අවධානය දිනා ගත්තේ අඩි 75 ක් දිගැති ඇයගේ මංගල වේලයයි.

ප්‍රියංකා චොප්රා බොලිවුඩ් සිනමාවේ ඉහළම මිලක් ලබන නිළියක් වන අතර, 2000 වසරේ ලෝක රූ රැජින ලෙස ද කිරුළු පැළඳුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *