(කොළඹ, ලංකාපුවත්) –දෙසැම්බර් 11 දිනට යෙදෙන ජාත්‍යන්තර කදුකර දිනය සමරා විශේෂ සැමරුම් උත්සවයක් ලබන සෙනසුරාදා(08) හපුතලේ කදු මුදුනේ අඩි 5850 ක් උසින් පිහිටි ප්‍රභව කදු සැමරුම් ස්ථානයේ දී පැවැත්වේ.
මෙරට කදුකර දිනය සමරන එකම සංවිධානය වන ‘ප්‍රභව සංවිධානය‘ විසින් 09 වරට සංවිධානය කරන මෙම සැමරුම් උත්සවය ‘ප්‍රභව කදු තරණය 2018‘ ලෙස නම්කර තිබේ.
2002 වසරේ පැවති මිහිකත සමුළුවේ දි ගත් යෝජනාවකට අනුව සෑම වර්ෂයකම දෙසැම්බර් මස 11 වන දා ලෝක කදුකර දිනය ලෙස ප්‍රකාශයට පත්කළ අතර දෙසැම්බර් මාසය පුරාවට කදු තරණ, පරිසර සුරකිමේ වැඩසටහන්, කදුකර ප්‍රදේශ සංචාරක වශයෙන් ප්‍රචලිත කිරීම වැනි වැඩසටහන් සිදුකිරීමට ලොව බොහෝ රටවල පරිසර සංවිධාන පියවර ගනි.
ජාත්‍යන්තර කදුකර දිනය මෙරට ප්‍රථමයෙන් සමරනු ලබන්නේ 2010 වර්ෂයේදිය. ප්‍රභව පරිසර සංවිධානය විසින් හපුතලේ කදු මුදුනේ අඩි 5850 ක් උසින් පිහිටි ප්‍රභව කදු සැමරුම් ස්ථානයේ දි ප්‍රථම සැමරුම සංවිධානය කළ අතර අද දක්වාම වාර්ෂිකව ප්‍රභව කදු තරණය සහ සැමරුම් උත්සවය පැවැත්වීම සිදුකරයි. ප්‍රභව සංවිධානයේ සමුහ අධ්යක්ෂ අසංක ප්‍රභාත් රත්නායක සහ විධායක අධ්යක්ෂ රංජිත් කුමාර් ප්රමුඛ ප්‍රභව සාමාජිකයින් විසින් මෙම දිනය මෙරටට හදුන්වා දීමට පුරෝගාමිව කටයුතු කළ අයවේ.
හපුතලේ වන සංරක්ෂණ අසලින් එදින උදැසන 8.30ට ආරම්භවන 09 වන ප්‍රභව කදු තරණය විවිධ පාරිසරික හා විනෝද අංග පවත්වමින් හපුතලේ කන්ද තරණය කිරීමට නියමිත වන අතර දරුවන් හා වැඩිහිටියන්ටද ගමන් කළ හැකි පහසු මාර්ගයක් මේ සදහා තොරාගන ඇත.
මෙම පාරිසරික විනෝද වැඩසටහන සදහා සහභාගිවන ලෙස පරිසර හිතකාමි ජනතාවට ප්‍රභව සංවිධානය ආරාධනා කරයි. ඹවුන් වැඩිදුරටත් සදහන් කරන්නනේ සීතලට ඔරොත්තු දෙන ඇදුම් රැගෙන එම ප්‍රයෝජනවත් විය හැකි බවයි. වැඩි විස්තර සදහා 0755005951 හෝ 0785187727 දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබා ගත හැකිය.