අතුරු තහනම් නියෝගය 10වනදා දක්වා දීර්ඝ කරයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය මේ මස 10 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මෙම නඩුව විභාග කරනු ලබන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අත්හිටුවීමේ නියෝගය දීර්ඝ කර ඇත.

අදාළ පෙත්සම් විභාගයේ පෙත්සම්කරුවන් හා වග උත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම අවසන් වී ඇති අතර මේ වන විට ප්‍රති උත්තර ලබාදීම සිදුකරමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *