ඉරණමඩු ජලාශය ජනපති අතින් ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තැබූ තවත් අපේක්ෂාවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

රටේ ගොවි ජනතාවගේ ජල ගැටලූව විසදීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ මගපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමග ආරම්භ කෙරුණු මෙරට වාරි කි්‍රයාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2015 වසරේදී ආරම්භ කෙරිණි.

ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට වාන් දැමීමේ සුබ අවස්ථාව අද උදෑසන උදා වූ අතර අද පෙරවරුවේ ජලාශ පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ජලාශයේ වාන් දොරටු විවෘත කරනු ලැබීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, අංගජන් රාමනාදන්, යන මහත්වරුන් ඇතු`ථ මැති ඇමතිවරුන් ද ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන්, රාජ්‍ය නිලධාරින්, හමුදා ප්‍රධානින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *