එජාප ජන බල මෙහෙයුම 13 වැනිදා ගාලු මුවදොරදී

(කොළඹ, ලංකාපුවත්) – නිත්‍යනුකුල ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් පැවැත්වෙන ජන බල මෙහෙයුම මෙම 13 වැනි දා කොළඹ ගාලු මුවදොර පිටියේදි පැවැත්වේ.

ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජනබල මෙහෙයුමෙන් කොළඹට ඇතුළුවීමට සැලසුම් කැර තිබේ.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන ජන බල මෙහෙයුම ‘යුක්තියේ සටන’ යන තේමාවෙන් දියත් කෙරේ‍. ගෙවුණු සති අන්තයේදී දිවයින පුරා පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් පවත්වා ජනබල මෙහෙයුම සඳහා ජනතාව පෙළ ගැස්වීමට ආසන සංවිධායකවරුන් කටයුතු කැර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 9 =