සාමකාමීව නත්තල සමරන්න – අගරදගුරු හිමි ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –පරිභෝජනවාදී මිනුම් දඬුවලට හසු නොවී සාමකාමීව එළඹෙන නත්තල සැමරීමට සූදානම් වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ පෙරේදා(08) පැවති නත්තල් උත්සවයකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ. උන් වහන්සේ නත්තල් ගස නිරාවරණය කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය ද නැරඹූහ. පලස්තීන නියෝජිතයෝ කිහිප දෙනෙක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ එහිදී අදහස් දක්වමින් – “පලස්තීන තානාපති කාර්යාලයේ නත්තල් ගස විවෘත කිරීමේ උත්සවයට පලස්තීන දේශයේ ඉඳලා පියතුමෙක් පැමිණියා. දරුවන් කිහිප දෙනෙකුට තෑගි භෝග බෙදාදීමේ කටයුත්තක යෙදුණා. පරිභෝජනවාදයේ මිනුම් දඬුවලට අහුවෙන්නේ නැතුව ක්‍රිස්තු භක්තියන් හැටියට දිළිඳු කමට වැටිලා නොයෙකුත් ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්න අයගැන අවධානය යොමු කරන්න ඕනේ.

ඒ වගේම ජාතීන් අතර සාමය, සහජීවනය වර්ධනය කරගැනීම සඳහා අපි කැපවෙන්න ඕනේ. ඒක තමයි නත්තල වෙනුවෙන් අපට කරන්න පුලුවන් හොඳම දේ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන එකිනෙකා සමඟ කුලල් කා ගැනීමට වඩා අපි බලාපොරොත්තු වෙනවා ආධ්‍යාත්මික කටයුතු හරහා මේ නත්තල් කාලයේ දී බලාපොරොත්තු වන සාමය සහ සහජීවනය රට තුළ ඇති වෙයි කියලා“ යැයි මැල්කම් කාදිනල් හිමිපාණෝ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *