GSK හෝර්ලික්ස් සහ අනෙකුත් පාරිභෝගික සෞඛ්‍ය පෝෂණ නිෂ්පාදන යුනිලිවර් ආයතනයට අලෙවිකරයි

(කොළඹ, ලංකාපුවත්) –පෙර දැනුම්දෙනු ලැබූ පරිදි සිය උපාය මාර්ගික විමර්ශනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව GlaxoSmithKline පී.එල්.සී ආයතනය හෝර්ලික්ස් සහ අනෙකුත් පාරිභෝගික සෞඛ්‍ය පෝෂණ නිෂ්පාදන සන්නාමයන් යුනිලිවර් ආයතනයට අලෙවිකරන ලද බව පසුගියදා නිවේදනය කරන ලදි.

එමෙන්ම GSK Consumer Healthcare සමාගම Hindustan Unilever සමාගම සමග සමාගමෙහි කොටස් ඉන්දියානු රුපියල් 1717ක වටිනාකමකින් 2018 නොවැම්බර් 30 වැනිදායින් අවසන් වනදින -15 පරිමා බර තැබූ සාමාන්‍ය වටිනාකම මත පදනම්ව පවුම්බිලියන 3.1 කට මිල තැබූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. මේ පදනම මත දළ ආදායම පවුම් බිලියන 2.4ක් ලෙස තක්සේරුකර ඇත.

ඉන්දියාව තුළ හෝර්ලික්ස් සහ අනෙකුත් පෝෂණීය නිෂ්පාදන අලෙවිකරනු ලබන්නේ ජාතික කොටස් වෙළෙඳපොලේ සහ බොම්බේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පොදුසමාගමක්වන GSK India සමාගම විසින්වන අතර GSK කොටස් හිමිකාරීත්වය 72.5%කි.

යෝජිත ගිවිසුමට GSK India සමාගම, ජාතික කොටස් වෙළෙඳපොලේ හා බොම්බේ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත පොදු සමාගමක් වන Hindustan Unilever සමාගම සමග ඒකාබද්ධ කිරීම ඇතුළත් වනඅතර ඉන් අනතුරුව Hindustan Unilever සමාගමෙන් 5.7%ක් GSK සමාගම සතුවනු ඇත. GSK India ඒකාබද්ධ කිරීමේ සමස්ත වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 317ක් හෙවත් කොටසක වටිනාකම ඉන්දියානු රුපියල් 7540කි. ගනුදෙනුව අවසන් කළ දිනය වූ 2018 මාර්තු 26 වනවිට නිසැලි කොටස් වටිනාකම 15.4%ක් හෙවත් ඉන්දියානුරුපියල් 6351ක් වේ.

2019 වසර අවසාන වනවිට නිමවෙතැයි බලාපොරොත්තු වන ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව GSK සියකොටස් අයිතිය Hindustan Unilever සමාගමට අලෙවිකිරීමට බලාපොරොත්තු වේ. මේ අලෙවිය අවස්ථා කීහිපයකද සිදුවනු ඇති අතර වෙළෙඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් GSK විසින් එය සුදුසු පරිදි ක්‍රියාවට නංවනු ඇත.

එයට අමතරව GlaxoSmithKline Bangladesh සමාගම සිය කොටස්වලින් 82%ක් හා වෙනත් සම්බන්ධිත සන්නාම අයිතීන් GSK පාරිභෝගික සෞඛ්‍ය පෝෂණ ක්‍රියාකාරකම් යුනිලීවර් ආයතනයට අලෙවිකරනු ලබන අතර ඉන් අපේක‍ෂිත ආදායම පවුම් මිලියන 566කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *