(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියවු නිත්‍යානුකුල නොවන බැවින් ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේදී සිදුකරනු ලැබූ පරීක්ෂණයකින් අනුව අකිල ධනංජයගේ පන්දු යැවීමේදී ඔහුගේ අත නිත්‍යානුකුල අංශක 15 සීමාව ඉක්මවා යන බබවට පරීක්ෂණ වාර්තාව මගින් හෙළිවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.
කෙසේ නමුත් අකිල ධනංජය හට දේශීය තරග වලට ක්‍රීඩා කිරීමට අවසර හිමිවන බව එම නිවේදනයේ සඳහන් වේ.
ඉකුත්දා පැවති එංගලන්ත සංචාරය අතර වාරයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියවු සැක සහිත බවට ප්‍රකාශ කෙරුනි.
නමුත් සිය පන්දු යැවීමේ ඉරියවු වෙනස් කර ගැනීමෙන් අනතුරුව නැවත වරක් අකිල හට පන්දු යැවීමේ ඉරියවු පරික්ෂා කිරීමේ පරීක්ෂණයක් සඳහා ඉල්ලුම් කල හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය සිය නිවේදනය මගින් දන්වා ඇත.