අලි මරණ වළක්වන්න SMS එකක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රියේ ගැටීමෙන් සිදුවන අලි මරණ වළක්වා ගැනීමට ක්‍රියාත්මක කෙටි පණිවුඩ සේවාව දැන් ක්‍රියාත්මකය.

ඒ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසිනි. 070 444 54 54 යන දුරකථන අංකයට වන අලි ගැවසෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඕනෑම අයෙකුට ලබා දිය හැකිය. එම පණිවුඩ මගින් ලද තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් කාර්යාලයකින් ලබා ගැනේ.

එම තොරතුරු, වන අලිය ගැවසෙන ස්ථානයට ආසන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට, සියලුම දුම්රිය රියදුරු හා නියාමකවරුන්ට විශේෂ කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ඇත. අලි සංඛ්‍යාව, දුටු ස්ථානය, කලාපය, දුටු වේලාව සහ මාර්ගය ද එම කෙටි පණිවුඩයට ඇතුළත් වේ. ඒ අනූව එම කලාපයන් තුල සුපරික්ෂාකාරීව දුම්රිය ධාවනය කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *