“Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන “Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

අද සිට 16 වනදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව ස`දහා නොමිලේ පැවැත්වෙන අතර ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළව`ථ අලෙවිසැල් ආදි අංශ ගණනාවකින් මෙය සමන්විත වේ.

දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා ගොවි ජනතාවට හදුන්වා දීමත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝග සඳහා ජාත්‍යන්තර වෙළෙ`දපොළේ ඉහළ ඉල්ලූමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණයි.

ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ අතර කාර්ය මණ්ඩල සමග සුහද කතා බහක නිරත විය.

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුථ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *