ජාතික හැඳුනුම්පතට ඡායාරූප online ක්‍රමයට 17වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – ජාතික හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීමේ දී ඔන් ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලව එය සිදු කෙරෙන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

නව ක්‍රමවේදයට අනූව ජායාරූපයේ දෘඩ පිටපතක් ඉල්ලුම්කරුවෙත ලබා නොදෙයි. ඡායාරූපයේ අංකය යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි කිව්.ආර්.කේතය සහිත ඉල්ලුම්කරුගේ ඡායාරූපය මුද්‍රණය කරන ලද ලදු පතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරනු ඇත. ඉල්ලුම්කරු විසින් එම ලදුපත, සිය අයදුම්පත සමග ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුවේ.

අදාළ ඡායාරූපය වලංගු වන්නේ ලබාගත් දින සිට මාස 6ක කාලයක් පමණි. මෙහි දී පුද්ගලයින් ලියාපංදිචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලා මගින් පමණක් ඡායාරූප ලබාගැනීමට කටයුතු කළ යුතුය.

මෙම නව වැඩපිළිවෙළේ පළමු අදියර බස්නාහිර සහ සබරගමුව පළාත්වලින් ආරම්භ කෙරේ.ඒ අනුව ලබන 17 වැනි දින සිට එම පළාත්වල ජනතාවට ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී ඉහත ප්‍රමිතියට අනූව ඡායාරූප ලබාගත යුතුවේ.

අදාළ ප්‍රදේශවලටඅ යත් මෙවැනි ප්‍රමිති ගත ඡායාරූප ශාලා කවරේ ද යන්න පිළිබඳව ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාලයෙන් දැන ගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *