ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රවීණ ගායන ශිල්පී හා වාදන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67කි.

උපාලි කන්නංගර මහතා අසාධ්‍ය තත්වයෙන් දින කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීය.

ඔහුගේ කලා දිවිය ආරම්භ වූයේ දශක එක හමාරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංගීත කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධ සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙකු ලෙසයි. මුල් යුගයේ දී ඔහු අති දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙස සංගීත ලෝකයේ ප්‍රසිද්ධව සිටියේය. මේ කාලය තුළ ජාතික රූපවාහිනිය නිෂ්පාදන කළ නන්දන වින්දන මාසික විවිධ ප්‍රසංගයේ ප්‍රමුඛතම සංගීත කණ්ඩායම වූයේ ද උපාලි කන්නන්ගර ප්‍රමුඛ සුපර් ස්ටාස් කණ්ඩයාමයි.

පාරට කිට්ටුව, ගෙලේ රන් මාල දා හැඩ වී, දුම්බර මිටියාවත පැත්තේ, ඉවසිල්ලක් නෑ දකින තුරා, මගේ පබාවතියේ ආදී ගීත රැසක් ඔහු රසිකයින්ට දායාද කළේ ය.

අංක 19/ඒ, 4 වැනි පටුමග, ජම්බුගස්මුල්ල, නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේ දේහය අද රාත්‍රියෙන් පසු තැන්පත්කර තැබෙනු ඇති. අවසන් කටයුතු ලබන සෙනසුරාදා (15) ප.ව 4.00ට කොහුවල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *