රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩ ඡන්ද 117 කින් පාර්ලිමේන්තුවේදී අද(12) සම්මත විය.

මේ සඳහා එක්සත් ජාතික නියෝජනය කරන සියළුම පක්ෂවල හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකි සිටිය අතර එක්සත් ජාතික නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18 අඟහරුවාදා පස්වරු 1.00 තෙක් කල් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *