විශ්වාසභංගයෙන් තෙරේසා මේ අගමැතිනියට ජය

(කොළඹ, ලංකාපුවත්) – පාලක කන්සෙවේටිව් පක්ෂයේ නායකත්වය පිළිබඳ විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සමත්වී තිබේ.

මන්ත්‍රීවරු 200 දෙනෙකු තෙරේසා මේට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 117කි. මේ අනුව 63%ක ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගැනීමෙන් වසරක කාලයක් බාධාවකින් තොරව නායකත්වය පවත්වාගෙන යාමට තෙරේසා මේට හැකිවේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිධුරයට පත් කරනු ලැබීය.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ඩවූනින් ස්ට්‍රීට්හි දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය රටේ ජනමතයට ගරු කරමින් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යන බවට ප්‍රතිඥා දුන්නාය.

කන්සවේටිව් පක්ෂ අභ්‍යන්තරයේ මෙම ඡන්ද විමසීම පැවැත්විණ. ඡන්ද විමසීමෙන් තෙරේසා මේ පරාජය වූවා නම්, ඇයට කන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් මෙන්ම, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *