සිරකරුවන්හට වෙස් තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාරගතව සිටින නේවාසික සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විවිධ ක්‍රියාවලින් සිදුකරනු ලබන අතර ඉන් එක් ක්‍රියාවලියක් ලෙස එම නේවාසිකයින් පුහුණු කොට නර්ථන කණ්ඩායම් ඇති කිරිම හා ඔවුන් නිදහස්වී ගිය විට ඔවුන්හට ජීවත් වීම සඳහා ජීවන මාර්ගයක් ඇතිකිරීම හේතුවෙන් ඔවුන්හට විවිධ වෘත්තීන් පුහුණුකරමින් සමාජගත කිරීම පුනරුත්ථාපන ක්‍රියාවලියේ පරමාර්ථයවනු ඇත.

මේ සඳහා නර්ථන ශිල්පීන් 18 දෙනෙක් වෙස්තබන ලද අතර ඉන් එක් අයෙකු බන්ධනාගාර නිලධාරියකු විය.

මෛ කටයුත්ත බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ උපදෙස් මත සිදුකළේය.

මෙම නර්ථන ශිල්පීන්ගේ පුහුණු උපදේශකවරුන් ලෙස කටයුතු කරනු ලැබූවේ බන්ධනාගාර නිලධාරී ජේ.එච්.කේ. ජානක මහතා විසින් වන අතර එහි අධීක්ෂණ කටයුතු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තුසිත ඉන්ද්‍රජිත් උඩුවර, සහකාර බන්ධනාගාර අධිකාරී සේනක පල්ලෙතැන්න, ප්‍රධාන ජේලර් ප්‍රසාද් ප්‍රේමතිලක සහ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී පියසිරි බටගොඩ යන මහත්වරුන් ඇතුළු පුනරුත්ථාපන අංශයෙහි නිලධාරීන් හා උපදේශන නිලධාරීන් වේ.

ඒ අනුව පුහුණුකරනු ලැබූ නේවාසික නැටුම් කණ්ඩායමෙහි නර්ථන ශිල්පීන්හට වෙස්තැබීම බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයෙහි දී සිදුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *