දේශපාලන අර්බුදය විසඳීම ගැන ඉන්දියාවේ සතුට

(කොළඹ, ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් වරක් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සහ ඒ සමඟින් ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අර්බුදය විසඳී යාම පිළිබඳ ව ඉන්දියාව සිය සතුට පළ කර ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෙරට අතර මිත්‍රත්වය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඉන්දීය විදේශ අමාත්‍යංශ ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා, ශ්‍රී ලංකාවේ මතුවී ඇති දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඊයේ (16) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින්, දැක්වෙන්නේ සමීප අසල්වැසි මිත්‍ර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ගොඩනැගී ඇති නව දේශපාලන සංහිඳියාව පිළිබඳව ඉන්දියාව සතුටු වන බවයි.

මෙය සියලු දේශපාලන බලවේගයන්ගේ පරිනතභාවයක් බවද සදහන් වේ.

එසේම ශ්‍රී ලාංකික ජනතාවට නැඹූරු වූ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සදහා ඉන්දියාව කැපවී සිටින බවද ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *