සංචාරක මග පෙන්වීම් සඳහා කාන්තා කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක උරුම දුම්බර වන පෙතේ සංචාර කටයුතු සඳහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබයි.

දිනපතා දුම්බර වන පෙත නැරඹිමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් උපදේශන සේවා පසුගිය 11,12 සහ 13 දින වල දි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දුම්බර වන නිවහනේ දි පැවැත්විනි.

සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය හා දුම්බර මිතුරෝ පරිසර සංවිධානය එක්ව වැඩසටහන සංවිධාන කර තිබුනි.

දුම්බර වන පෙත ආශ්‍රිත ගම්මාන වන ඇටැන්වල,ඉලුක්කුඹුර ආදී ප්‍රදේශ වල ජීවත්වන සංචාරක කර්මාන්තය වෙනුවෙන් උනන්දුවක් දක්වන පිරිස් අතරින් 45 කට ආසන්න පිරිසක් සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස පුහුණුවීම ලැබු බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියේය.

ලංකාවෙ අතලොස්සක් අතරින් කාන්තාවන් කදු තරණය සම්බන්ධයෙන් උපදේශන සැපයීම සදහා ශ්‍රී ලංකාවේ කටයුතු කරන බවත් දුම්බර ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවන් සිවි දෙනෙකු දුම්බර වන පෙතේ සංචාර මග පෙන්වන්නන් ලෙස එක්වීම සුව්ශේෂි අවස්ථාවක් බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේය.

කාන්තා පුහුණුකාරිණියන් අතරින් අදහස් දැක්වු ඉළුක්කුඹුර මාතලේ ලිපිනයේ පදිංචි ශාලිකා කුමාරි මෙනවිය කියා සිටියේ මෙරට කාන්තාවන්ට බිය කින් තොරව දුම්බර සංචාරය සදහා පැමිණෙන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සැපයීමට සිය කණ්ඩායම යුහුසුළුව කටයුතු කරන බවත්ය.
දුම්බර වනපෙතේ සංචාරය සදහා මෙම පුහුණු උපදේශිකාවන් ඇතුළු පිරිස සම්බන්ධ කර ගැනීම සදහා [email protected] ඊමේල් ලිපිනයෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

දුම්බර වනපෙතේ සංචාරක මාර්ගෝපදේශ පාඨමාළාව සදහා මධ්‍යම පළාත් සංචාරක දෙපාර්ථමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ.එච්. බණ්ඩාර,උපදේශිකා ඒ.එම්.සි.කේ. අබේසිංහ මහත්ම මහත්මීහු එක්ව සිටි අතර, මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්ථමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ි ශිරාණි හෙට්ට් ආරච්චි මහත්මිය හා දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි ඇතුළු එහි නිලධාරින් මෙන්ම ශ්‍රි ලංකා රතුකුරුස සමාජයේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලීය නිළධාරිහු රැසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *