රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරමේ දී

(කොළඹ, ලංකාපුවත්) – 2018 රාජ්‍ය නත්තල් උත්සවය ‘සමිඳු උපතයි නත්තල් සිරියයි’ යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2018 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රි ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුලු පියතුමන්ලා සහ උතුරැ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ප්‍රෙද්ශයේ මහජන නියෝජිතයන් රාජ්‍ය නිළධාරින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *