තෙරේසා මේ ට එරෙහිව තවත් විශ්වාසභංගයක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ට නැවත වරක් විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ විපක්ෂ නායක ජෙරමි කෝර්බින් ඒ සදහා මෝසමක් ඉදිරිපත් කර තිබේ.ඔහු සඳහන් කරන්නේ, අගමැතිනියගේ ක්‍රියාකලාපය හේතුවෙන්, රට අර්බුදයකට පත්ව ඇති බවය.

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන ඡන්දය ලබන වසරේ ජනවාරි 14 වනදා දක්වා කල් තැබීම හේතුවෙන් මෙලෙස ඇයට එරෙහිව විශ්වාසංභග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායකවරයා සදහන් කර ඇත.

ඒ අනුව අගමැතිවරිය එක්සත් රාජධානිය තුළ ජාතික අර්බුදයක් ඇති කිරීමට කටයුතු කරන බවට චෝදනා කර තිබේ.

අග්‍රාමාත්‍යවරියට එරෙහිව මේ මාසය තුළ ඉදිරිපත් වූ දෙවැනි විශ්වාසභංගය මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *