විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයට

(කොළඹ, ලංකාපුවත්) – 2018 මිස් යුනිවර්ස් කිරුළ දිනා ගැනීමට පිලිපීනයේ කැති‍්‍රනා ගේ‍්‍ර සමත්විය. ඒ රටවල් 93ක් නියෝජනය කරමින් අවසන් මහා තරගයට ඉදිරිපත්ව සිටි තරගකාරියන් වෙත අභියෝගයක් එල්ල කරමිනි.

තායිලන්තයේ බැංකොක් අගනුවර මිස් යුනිවර්ස් අවසන් තරඟය පැවැත්වුණි.

මේවනවිට 24 හැවිරිදි වියේ පසුවන කැති‍්‍රනා ගේ‍්‍ර ඔස්ටේ‍්‍රලියානු සම්භවයක් සහිත වෘත්තීයමය ගායිකාවක් සහ නිරූපන ශිල්පිනියක් ද වේ.

ඇය පිලිපීනයේ රූ රැජිණ කිරුළ දිනා ගත් අතර මේ වන විට ඇය විශ්ව රූ රැජිණ ලෙස සමස්ත පිලිපීනයේ පමණක් නොව ලෝකයේ ම අවධානය දිනාගෙන සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *