ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරනවා – අනුර කුමාර

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ රට වෙනස් කළ හැකි බලවේගයක් නිර්මාණය කිරීමට කැපවීමෙන් කටයුතු කරන බව ද දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජාතික විද්වත් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

“සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයක් ඇති කළ යුතුයි කියා අප විශ්වාස කරනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු විය යුතුයි. සමාජය සුවපත් කිරීමට සාහිත්‍ය කලාව අවශ්‍යයි. ඒ සඳහා හොඳ ආචාර්ය මණ්ඩලයක් අපට ඉන්නවා. සංවර්ධන රාජ්‍ය කියන්නේ ඒක. අපට එය අවශ්‍ය නැද්ද? රට තුළ අධ්‍යාත්මික සමාජයක් නිර්මාණය කළ යුතුයි. අද සමාජය නීරස තත්ත්වයට පත්ව තිබෙනවා. කිසිදු තෙතමනයක් නොමැති සමාජයක් බිහි වී තිබෙන්නේ.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *