පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ‍්‍රී ලංකාවට ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන ගැටළු විසදා ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ප‍්‍රසාදය පළකරන බව පොදු රාජ්‍ය මණ්ඩලය සදහන් කරයි.

මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ට්විටර් පණිවිඩයක් මඟින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේද අනුගමනය කිරිම ඔස්සේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරිමට හැකියාව ලැබෙන බව පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සදහන් කර ඇත.

ඇය තබා ඇති ට්විටර් පණිවිඩය පහත සදහන් පරිදි වේ,

“I welcome the resolution of the political crisis in #SriLanka. This development highlights the resilience of Sri Lanka’s institutions, the country’s adherence to the rule of law, and the people’s strong commitment to democratic processes“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *