කොංගෝවේ ඉබෝලා තවත් දරුණු වෙයි – 319ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වී තිබෙන ඉබෝලා වසංගත තත්වය වඩාත් දරුණු අතට පත් වී තිබේ.

ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට කොංගෝ රාජ්‍යයේ පුද්ගලයින් 319 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ ඉබෝලා වසංගතයට ගොදුරු වූ 542 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඉන් 494ක් උතුරු කිවු පළාතෙන් වාර්තා වී තිබෙන බව ඔවුන් සදහන් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොංගෝ රාජ්‍යයේ සංවිධාන සහ ප්‍රාදේශීය බලධාරීන්ගේ මැදිහත් වීමක් නොමැතිකම හේතුවෙන් ඉබෝලා රොගය වර්ධනය වී ඇති බවයි.

2014 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවද සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *