නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරු 8.30 ට ජනාධීපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

අමාත්‍ය ධුර සඳහා එක්සත් ජාතික පෙරමුණේ නාමලේඛනය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණේ ඊයේ (19) දිනයේදිය.

මලික් සමරවික්‍රම සහ මනෝ ගනේෂන් යන හිටපු අමාත්‍යවරුන් අමාත්‍ය ධුර භාර නොගෙන සිටීමට කැමැත්ත පළ කර තිබූ අතර, රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාද ඒ පිළිබඳව සළකා බැලීමට එකඟත්වය පළ කළ බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *