ඉන්ධන මිල පහතට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්ධන මිල පහත දැමීමට තීරණය කළ බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 තින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

සිපෙට්කෝ වෙළඳ සැල්වලින් ඉහත මිල ගණන්වලට ඉන්ධන ලබා ගත හැකිය

ඒ අනුව අද (21) මධ්‍යම රාත්‍රියේ මිල සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බවත් පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *