මුදල් ඇමති අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මාස 04 සදහා වන රජයේ සියලු වියදම් වලට අදාළ වන අතුරු සම්මත ගිණුම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුව අද(21) පෙරවරු 10.30ට කථානයක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ලබන වසරේ පළමු මාස 04 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය හෙවත් පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන් වෙන් කර තිබේ. එය සමස්ථ මුදලින් ප්‍රතිශතයක් ලෙස සියයට 55ක් පමණ වේ.

ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් සහ පඩි ගෙවීම , පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාරය , පාසල් නිළ ඇඳුම් ලබාදීම ඇතුළු සුබසාධන කටයුතු සඳහා මුදල් වෙන් කර තිබේ.

එම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල්බිලියන 480ක් ද, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *