විශේෂ නත්තල් උළෙලක් ජනපති මැදුරේ දී

(කොළඹ, ලංකාපුවත්) –නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

නත්තල් කැරොල් ගීත ඇතුඑ විචිත්‍රාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් පෙන්වා දුන්නේ, සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිදු ජනයාගේ වේදනාව හදුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බවයි.

රටේ ජනතාව දිළිදුකමින් මුදවාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට සියලූ පාලකයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද මෙහිදී උන්වහන්සේ අවධාරණය කළේය.

මෙම නත්තල් උළෙල ට අපොස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් ටොට් රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුඑ රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ජෝන් අමරතුංග, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුඑ මැති ඇමතිවරු, කලාකරුවන් ද ඇතුඑ විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *