ඖෂධ-උප­ක­රණ ගන්න මහා භාණ්ඩා­ගා­ර­යෙන් බිලි­යන 2ක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහ­ල්ව­ලට ඉදිරි මාස කිහි­පය සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උප­ක­රණ මිල දී ගැනී­මට රුපි­යල් බිලි­යන 2ක මුද­ලක් මහා භාණ්ඩා­ගා­ර­යෙන් ලබා­දී­මට එක­ඟ­තාව පළ කළ බව වෛද්‍ය සැප­යීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනා­පි­ටිය මහතා පව­සයි.

රජයේ රෝහ­ල්ව­ලට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උප­ක­රණ හදිසි අව­ශ්‍යතා මිල දී ගැනී­මට මෙම මුදල භාවිතා කරන බව ද ඒ මහතා පැවැ­සු­වේය. රෝගීන්ගේ අව­ශ්‍යතා සපු­රා­ලීම සඳහා අවශ්‍ය සියලු පහ­සු­කම් රජ­යෙන් ලබා­දී­මට පිය­වර ගන්නා බවත් නිද­හස් සෞඛ්‍ය සේවාව ශක්ති­මත් කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා බවත් ඒ මහතා කීය.

ඇතැම් රෝහ­ල්වල පව­තින ඖෂධ නොමැ­ති­කම ඉදිරි සති කිහි­පය තුළදී අව­සන් කිරී­මට හැකි වන්නේ යැයි ද, දැනට පව­තින පහ­සු­කම් අනුව රෝගීන්ට උප­රිම සේවා­වක් රජයේ රෝහ­ල්ව­ලින් ලබා­දී­මට පිය­වර ගන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ නොමැති බව පව­ස­මින් රෝගීන් රෝහ­ල්ව­ලට බාර නොගෙන සිටී­මට කිසි­වෙ­කුට හැකි­යා­වක් නොමැති බවත් එවැනි තීර­ණ­යක් ගත හැක්කේ සෞඛ්‍ය ඇමැ­ති­ව­ර­යාට හෝ ලේක­ම්ව­ර­යාට හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට පම­ණක් බවත් ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

මහ­ර­ගම අපේක්ෂා රෝහ­ලෙන් ප්‍රති­කාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හැකි ඉක්ම­ණින් සැප­යී­මට පිය­වර ගන්නා බවත් රෝහලේ ඖෂධ සම්බ­න්ධ­යෙන් පව­තින ගැටලු සෞඛ්‍ය ලේක­ම්ව­ර­යාට හෝ අදාළ නිල­ධා­රීන්ට දැනුම් දී නොමැති බවත් ඔහු කීය. මහ­ර­ගම රෝහලේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිළි­බඳ පව­තින ගැටලු සාකච්ඡා කර විස­ඳුම් ලබා­දී­මට සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට ඊයේ (20) තීර­ණය කර තිබු­ණත් රෝහලේ අදාළ වෛද්‍ය­ව­රුන් නිවාඩු නිසා සාක­ච්ඡාව පැවැ­ත්වී­මට නොහැකි වූයේ යැයි ද එසේ වුවත් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා­දී­මට අමා­ත්‍යාං­ශය කට­යුතු කරන බවත් ඒ මහතා පැවැ­සු­වේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *