ජගත් මහලේකම්ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ප්‍රබලතාවයන්ට ප්‍රශංසා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය සාමකාමීව හා ව්‍යවස්ථාමය මාර්ග වලින් විසඳාගැනීම තමන් පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමෙන් ශ්‍රි ලංකාව තුළ පැවති දේශපාලන අර්බුදය අවසන් වූ බව ද ඔහු කියා සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ප්‍රබලතාව ගැන ඔහු පැසසුමට ලක් කරන බව මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් ඩුජාරික් ප්‍රකාශ කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම හා ජනතාවගේ යහපත උදෙසා එම ගෞරවය තුළ කැපී පෙනෙන දේශපාලන මතභේද විසදීමට නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාවක් ලබා දීම සදහා ගුටරේස් මහතා සියලු දේශපාලන ක්‍රියාකාරින්ගෙන් මීට පෙර ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *