ශ්‍රී ලංකන් ගුවන් ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම ලෙස සම්මාන ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ලෝක සංචාරක සම්මාන උළෙලෙහි නැවත වරක් පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙල පෘතුගාලයේ ලිස්බන් නුවරදී පසුගියදා මෙම සම්මාන උළෙල පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකත්වය දරනු ලබයි.

මෙම සම්මාන උළෙලෙහි නිර්මාතෘ ග්‍රැහැම් කුක් මහතා සම්මාන උළෙලේදි ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිය සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලන්කන් ශ්‍රීලංකන් එයාර්ලයින් තම සේවා ඉටුකිරීම ඉතාමත් නිර්භිත අයුරින් ප්‍රදර්ශනය කර ඇති බවත් මේ හේතුවෙන් සංචාරක ව්‍යාපාරයේ සහ මගී ජනතාවගේ ප්‍රසාදය ලබා ගනිමින් ඉන්දියානු කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස සම්මානය හිමි කර ගැනීමට සමත්වීම ඉතාමත් සතුටට කරුණක් බවත් ඔහු එහිදී පැවසීය.

ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර සමින්ද පෙරේරා මහතා අදහස් දක්වමින් සහන් කළේ මෙවැනි සම්මානයක් සිය ආයතනයට හිමි වීම තුළින් ගුවන් සේවයේ උදයෝගය සහ ඉන්දියානු සාගර කළාපය තුල ස්ථාවර පැවැත්ම පිළිබ විශ්වාසයක් ඇති වී ඇති බවයි. ගුවන් සේවයේ වැඩි දියුණු කිරීම් සහ නව ප්‍රයත්නයන් වෙළෙදපොල ඉල්ලුම සමඟ මනාව ගැලපෙන බවද සඳහන් කළේය.
ඉදිරියේදී මගීන්ගේ ඉල්ලීම පරිදි ජනප්‍රිය ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමට සහ අද්විතීය සංචාරක අත්දැකීම් ලබා දෙමින් නිෂ්පාදන වැඩි කිරීමටත් නිරන්තර උත්සාහ කරන බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රෙල්ෂියා ලෝක සංචාරක සම්මාන සංචාරක සම්මාන උළෙලේදී 2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය ලෙස සම්මානයක් හිමිකර ගත් අතර , 2108 වසරේ ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස දෙවැනි වතාවටත් සම්මාන ද්විත්වයක් හිමි කර ගැනීමට සමත් විය.

මෙම සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව හා ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර ඉන්දියාවේ ගමනාන්ත 13 ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 119 ක් (දඹදිව වන්දනා සමයේ දී බද්ධගයා සහ වරනාසී වෙත සිදු කරන ගුවන් ගමන් සමඟ ) මෙහෙයුම් සිදු කරමින් කලාපයතුළ විශාල සේවයක් ඉටු කරයි.

අනෙකුත් ගමනාන්ත වන ඩකා,කරච්චි,ලාහෝර් වෙතද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සිදුකෙරේ. එසේම මාලදිවයින සඳහා සතියකට ගුවන් ගමන් 21 ක් සිදු කරයි.

එමෙන්ම විවේකීව ගතකිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මැදපෙරදිග ,යුරෝපය, මැදපෙරදිග සහ ඕස්ට්‍රේලියාවයාව වෙත ඔවුන්ගේ ශාඛා ජාලය ව්‍යාප්ත කර තිබේ. මාලදිවයිනේ ‘ගැන් දුපත‘ වෙත පියාසර කර ප්‍රථම මෙන්ම එකම අන්තර්ජාතික ගුවන් සේවය බවටද ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන්සේවය පත්ව සිටී.

එයාර් ෆ්රාන්ස් , එයාර් ඉන්දියා, එයාර් හොස්ට්‍රල්, එයාර් සයිෂෙල්ස්, එයාර් වේස්,එමිරේට්ස්, එටිහාඩ් එයාර්වේස්, කේ එල් එම් රෝයල් ඩඡ්, ගුවන් සේවය, ලුෆ්තන්සා,කටාර් එයාවේස් සහ තුර්කි එයාර්ලයින්ස් යන සමාගම් ද මෙම සම්මානය තරග කළ සෙසු කරගකරුවෝය.

වන්වර්ල්ඩි ගුවන් සන්ධානය, චැංගි ජාත්‍යන්තර ගුවන්ගොටුපොළ, හිල්ටන් ලන්ඩන් හීත්රෝ ගුවන්ගොටුපොල, ලිස්බන් ,පෘතුගාලය, රෝයල් කැබ්රියන් ඉන්ටර් නැෂනල් සහ ඩුබායි අර්මානී හෝටලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සම්මාන ලැබු සෙසු ජයග්‍රාහකයින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *